Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2022 20:30:44 Hours

ජකර්තා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීම් ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් (ජී) ඒ.ඒ.සී. කරුණාසේන ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (27) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා නික්ම යාමට ප්‍රථම කපිතාන් (ජී) ඒ.ඒ.සී. කරුණාසේන ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත සුබපැතුම් එක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් එම ධූරයේ වැදගත්කම සහ රටේ යහපත වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ පැහැදිලි කළේය.

මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශකතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.