Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2022 18:00:11 Hours

කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ ‘කඨින’ පුණ්‍යෝත්සවයට 593 වන බලසේනාවේ භටපිරිස්හි බැතිබර දායකත්වය

කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවයට එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිස්සපුර ගුණරතන හිමියන්ගේ ඉල්ලීමකට අනුව 593 වන බලසේනාවේ භටපිරිස්හි බැතිබර දායකත්වය ඔක්තෝබර් මස 22-23 යන දෙදින තුල ලබාදෙනු ලැබූහ.

එම පුණ්‍යෝත්සවය සඳහා මේජර් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික), බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 593 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතිලක සහ 593 වන බලසේනාවේ භටපිරිස් සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහගේ උපදෙස් මත 593 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 19 ගැමුණු හේවා බලඇණියේ සහ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම සම්ප්‍රදායික ‘කඨින පූජා’ පුණ්‍යෝත්සවය සඳහා ‍ බැතිබර දායකත්වය ලබාදෙනු ලැබූහ.

පසුදින, මහා සංඝරත්නය විෂයෙහිලා ‘හීල් දානය’ සහ ‘අටපිරිකර’ පූජා කිරීමෙන් අනතුරුව මෙම ‘කඨින පූජා’ පුණ්‍යෝත්සවය අවසන් වූ අතර, එහිදී විහාරාධිපති හිමියන් විසින් අවසන් කඨිනානිසංස දේශනාව සිදුකරමින් මෙම ‘කඨින පූජා’ පුණ්‍යෝත්සවය සඳහා බැතිබර දායකත්වය දැක්වූ සියළුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ආශීර්වාද කරන ලදී.