Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2022 17:45:11 Hours

උසස්වීම් ලද මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායකට එම පුහුණු පාසලේ ගෞරවාචාරය

උසස්වීම් ලැබූ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක වෙත ගෞරාවාචාර පුදකිරීමේ උත්සවයක් ඔක්තෝබර් මස 17 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති අතර එහිදී, මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි වෙත උණුසුම් සුභපැතුම් සහ හමුදා ගෞරවාචාරයන් පුදකෙරිණි.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි වෙත එම පුහුණු පාසලේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, උසස්වීම් ලද මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක භටපිරිස් අමතමින් එම පුහුණු පාසලේ සියලු නිලයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.