Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2022 17:15:11 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් අස්වැද්දූ කුඹුරුවල වී අස්වනු නෙලාගනී

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් කාබනික පොහොර යොදාගනිමින් අස්වැද්දූ කඹුරුවල ප්‍රථම අස්වනු නෙලීමේ මංගල්‍යය පසුගිය සිකුරාදා (21) දින හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පුරාණ චාරිත්‍ර මධ්‍යයේ සිදුකෙරිණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත එම කඳවුරු පරිශ්‍රයේ අක්කර 5 ක භූමි ප්‍රමාණයක් තුළ මීට මාස 4 කට පෙර මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූ අතර යුද්ධ හමුදා මූලස්ථානයේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව වී වැපීරීමට ප්‍රථම කුඹුරු සීසෑමේ කටයුතු සිදුකරන ලදී.

මෙම අස්වනු නෙලීමේ මංගල්‍යය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ඩී.පී.කේ. විතාන සහභාගී විය.

එමෙන්ම, තවත් නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.