Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2022 20:25:12 Hours

සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 21 සාර්ථකව අවසන් වෙයි

යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 21 හි සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (20) දින පැවැත්විණි.

සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ටී.එන් මජීඩ් සහභාගී විය.

යුද්ධ හමුදා වාර්ෂික පුහුණු සැලැස්මට අනුව ඔක්තෝබර් මස 03 වැනි දින මෙම පාඨමාලාව ආරම්භ වූ අතර, ඒ සඳහා නිලධාරීන් 24 දෙනෙකු සහභාගී වූහ.

මෙම පාඨමාලා කාලසීමාව තුලදී ශිෂ්‍ය නිලධාරීන් විසින් මෙරට විවිධ දිස්ත්‍රික්කයන් වල සංස්කෘතිය, ඉතිහාසය, රටේ ආර්ථිකය සහ සමාජ තත්ත්වයන්, ශ්‍රී ලංකා පොලිසියේ කාර්යභාරය, සමාජයේ පවතින විවිධ ඇදහිලි ක්‍රම සහ ආගමික වත්පිලිවෙත්, සමාජ සම්බන්ධතා ගොඩනගාගැනීමේ කුසලතා, සන්නිවේදන කුසලතා පිළිබඳ ආදී නොයෙක් ක්‍ෂේත්‍රයන්හි දැනුම වර්ධනය කරගැනීමටද අවස්ථාව හිමි වූහ.