Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2022 20:24:25 Hours

221 බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ 221 වන බලසේනා බලප්‍රදේශයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන්, ජර්මනියේ පදිංචි නිලන්ති ජොහැම් මහත්මියගේ මූල්‍යමය දායකත්වය මත ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රේවත ළමා නිවාසයේදී ළමුන් 27 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ තොගයක් පසුගිය අඟහරුවාදා (18) දින බෙදාදෙනු ලැබූහ.

221 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායකගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, එහිදී සෑම දරුවෙකු වෙතම පාසල් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත් බෑගයක්, පාවහන් යුගලයක් සහ ලිපි ද්‍රව්‍ය ආදී පාසල් උපකරණ ලැබුණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.