Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2022 15:50:09 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ගෞරවාචාරය

උසස්වීම් ලද විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 13 දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර වෙත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර විසින් එම රෙජිමේන්තුවේ සියළු නිලයින් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ.