Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2022 20:55:48 Hours

වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 582 වන බලසේනාවෙන් ප්‍රණීත ආහාර වේලක්

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව 58 වන සේනාංකයට අයත් 582 වන බලසේනාවේ භටපිරිස් විසින් වාර්ෂිකව පවත්වන දානමය පුණ්‍යකර්ම වැඩසටහන මෙවර හොරණ, ඉලිඹ ස්වර්ණපාලි වැඩිහිටි නිවාසයේදී ඔක්තෝම්බර් මස 01 දින පවත්වමින් එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රණීත ආහාර වේලක් පිරිනමන ලදී.

582 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම අනුව සංවිධානය කළ මෙම වැඩසටහන මගින් මානසික සංකූලතා සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 38 දෙනෙකුට රාත්‍රී භෝජනය පිරිනමන ලදී.

582 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.පී.පී. කුලතිලක ඇතුළු එම බලසේනාවේ භටපිරිස් මෙම වැඩසටහනට එක් වූ අතර එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මානසික සුවතාවය සඳහා සංගීතමය වැඩසටහනක් ද පවත්වන ලදි.