Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2022 09:48:05 Hours

බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි සහාය අඛණ්ඩව සිදුකරයි

අධික වර්ෂාපතන තත්ත්වයත් සමඟ ඉහළ යන ඩෙංගු රෝගය හේතුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සහ 61 වන බලසේනාංක යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් බස්නාහිර පළාතේ සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාල කොට්ඨාශ 20 ක් ඇතුළුව දිස්ත්රික්ක හතක් ආවරණය වන පරිදි 2022 ඔක්තෝබර් 12 – 14 යන දිනයන් තුල පවත්වන ලද ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා සක්රීයව දායකත්වය ලබා දෙන ලදී.

එහිදී, රජයේ ජාතික ඩෙංගු වසංගත මර්දන ව්යාපාරයේ නිලධාරීන්ගේද සහයෝගය ඇතිව, රජ්ය සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ වෙනත් පොදු ස්ථානවල ඩෙංගු කීටයන් බෝවන, ජල ටැංකි, මල් පෝච්චි සහ බඳුන්, උද්යාන ජල තටාක, ශීතකරණයන්හි ජලය රුස්වන භාජන, කැඩුණු ජල පොකුණු, ඉවතලන බෝතල්, ටින්, ටයර්, පොල්කටු ආදී ජලය එක්රුස් වන සියළුම ස්ථාන භටපිරිස් විසින් නිරීක්ෂණය කරන ලදී.

ඩෙංගු මදුරුවන් බෝවීම සහ ව්යාප්ත වීම වළක්වා ගැනීම සඳහා ගතහැකි කඩිනම් පියවරයන් මෙන්ම ආරක්ෂණ ක්රමවේද අනුගමනය කරමින් ඩෙංගු මදුරු උවදුරෙන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳවත් එහිදී ජනතාව දැනුවත් කරන ලදී.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 14 වන සහ 61 වන සේනාංක යටතේ රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 200 ක්, පොලිස් නිලධාරීන්, වෛද්ය නිලධාරීන් සහ එම ප්රදේශවල මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.