Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2022 09:45:47 Hours

‘හමුදා සාහිත්‍යය’ පිළිබඳ තවත් දේශනයක්

යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ සුජිත් චාමින්ද විසින් ‘හමුදා සාහිත්‍යය’ යන මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (12) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බදාදා පුහුණු දිනයට සමගාමීව එම බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ලබාදුන් උපදෙස් මත එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වාගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හමුදා සාහිත්‍යයක් එක් කරමින් යුධ සමයේ සැබෑ සිදුවීම් පාදක කර ගනිමින් සිත් ඇදගන්නා ලෙස එම සිදුවීම් කෘතින් තුලින් සම්පාදනය කළ ලේඛකයෙක් වන ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ සුජිත් චාමින්ද, මෙම දේශණයේදී පොදු සමාජයට මතකයෙන් ගිලිහී යන යුද බිමේ මතකයන් සිහිපත් කරමින්, මාතෘ භූමිය වෙනුවෙන් කාය දානය සහ ජීව දානය ලබාදුන් සැබෑ යුද විරුවන්ගේ කැපකිරීම් ඉතා අලංකාරවත් ලෙස ගෙන හැර දැක්වීය.

අනතුරුව, දේශකතුමන් විසින් මෑතකදී රචනා කරන ලද කෘති දෙකක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක, පුහුණු පරීක්‍ෂක සහ කර්නල් පුහුණු වෙත පිරිනමන ලදී. එහිදී, පිරිස අමතමින් මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින්, වසර තිහක් පුරා සැඟවී ඇති යුද සමයේ මතකයන් සහ සුවිශේෂී සිදුවීම් අනාගත පරපුර වෙත දැනගැනීම සඳහා මෙලෙස කෘතින් මගින් ගෙන ඒම පිළිබඳව ගත් උත්සාහය අගය කරමින්, 2009 වසරේ මානූෂීය මෙහෙයුමේ අවසන් අධියරේදී ඊට දායකත්වය දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සැබෑ නිර්භීතභාවයද මෙහිදී ප්‍රසංශාවට ලක් කළේය.

මෙම දේශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගි වූහ.

එසේම මෙවැනිම දේශණයක් පසුගිය සිකුරාදා (14) දින මේජර් ජෙනරල් කල්ප සංජීවගේ ආරාධනක් මත කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේදී ද පවත්වන ලදී.

එම දේශනය සඳහාද නිලධාරීන් සහ සෙසුනිලයින් 300 කට අධික පිරිසක් සහභාගි වූහ.