Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2022 18:51:59 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී ‘සුබසාධන පොළක්’ පැවැත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ සංකල්පයකට අනුව එම බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියලු නිලයන් සතු ආර්ථික අපහසුතා පිළිබඳ සාකච්ඡා කිරීමට සහ සහන මිලට අත්‍යවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීමට ප්‍රතිපාදන ලබාදීමේ අරමුණින් පසුගිය සඳුදා (03) දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ ‘සුබසාධන පොළක්’ පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වුණු මෙම වෙළඳපොල තුලින් විශේෂිත ආහාර වර්ග විශාල ප්‍රමාණයක් සහන මිලට ලබාගැනීමට හැකියාව ලැබිණි.

මෙම පරිශ්‍රයට සපැමිණි සියලු යුද්ධ හමුදා සාමාජිකයන් ගෙදරදොර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් සහන මිලට ලබාගත්හ. මෙම වෙළඳපොල සඳහා ප්‍රමුඛ පෙළේ වෙළඳ අංශ සම්බන්ධ වී ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරනු ලැබීය.