Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2022 16:33:56 Hours

‘Foundation of Goodness’ පදනම සමඟින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර එක්ව විහාරස්ථාන වෙත වියළි සලාක පාර්සල් බෙදාදෙති

‘Foundation of Goodness’ පදනමේ භාරකාර කුෂිල් ගුණසේකර මහතා විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් කන්දකාඩු, දම්මින්න, සෙවනපිටිය සහ මහවැව ප්‍රදේශවල විහාරස්ථාන වෙත පසුගිය සඳුදා (5) දින වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැඟෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ සම්බන්ධීකරණය මත සිදුකරනු ලැබීය.

මෙම දුෂ්කර ප්‍රදේශයන්හී ආරණ්‍ය සේනාසන හා විහාරස්ථානවල භාවනායෝගීව වැඩවසන මහා සංඝරත්නය වෙත ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බැතිමතුන්ට දිනපතා ධානය පූජාකිරීමට නොහැකිවීම හේතුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

පරිත්‍යාගශීලි කුෂිල් ගුණසේකර මහතා සමඟින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් එක්ව මෙම දුෂ්කර ප්‍රදේශයන්හී ආරණ්‍ය සේනාසන හා විහාරස්ථාන වෙත ගොස් බෙදාදුන් වියළි සලාක පාර්සල් සහල්, පරිප්පු, සීනි, කුළුබඩු, පෝෂ්‍ය ද්‍රව්‍ය සහ සනීපාරක්‍ෂක අවශ්‍යතා යනාදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත විය.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, පරිත්‍යාගශීලි කුෂිල් ගුණසේකර මහතා, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් රජීව් ප්‍රනාන්දු, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.