Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2022 19:55:15 Hours

තායිලන්තයේ පැවති විවෘත රෝද පුටු ටෙනිස් ද්විත්ව ශූරතාවලියේ අනුශූරතාවය යුද්ධ හමුදාවට

තායිලන්තයේ, පතායා ප්‍රදේශයේ පැවති විවෘත රෝද පුටු ටෙනිස් ද්විත්ව ශූරතාවලියේ තරඟවැදුණු 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් ඩී.එස්.ආර් ධර්මසේන එම තරඟාවලියේ විවෘත යුගල ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය 2022 අගෝස්තු මස 22 දින සිට සැප්තැම්බර් මස 2 දින දක්වා තායිලන්තයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මාණ්ඩලික සැරයන් ඩී.එස්.ආර් ධර්මසේන සහභාගී වූ අතර තවත් ආසියානු රටවල් නියෝජනය කරමින් රෝදපුටු ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලිය සඳහා එක්වූහ.