Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2022 18:24:50 Hours

64 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ 16 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම අගෝස්තු මස 30 දින මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම වෙත 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

හමුදා සම්ප්‍රදායානුකූලව නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳ සිහිපත් කළේය. මෙම අවස්ථාව සඳහා 641, 642 සහ 643 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් ද එක්වූහ.