Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2022 18:25:50 Hours

යුද්ධ හමුදා භටපිරිස් අනුරාධපුර ප්‍රදේශයේ වී අස්වනු නෙළාගනී

රජයේ ආහාර සුරක්‍ෂිතා වැඩසටහනට සමගාමීව කාබනික පොහොර යොදා ගනිමින් අස්වැද්දූ කුඹුරු වලින් වී අස්වනු නෙලීමේ කටයුතු ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද භටපිරිස් විසින් චාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් පසුගිය අඟහරුවාදා (30) දින පැවති උත්සවයකදී සිදුකරන ලදී.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මේජර් ජෙනරල් එම්.ඊ.පී. වීරසිංහ ගේ උපදෙස් මත ආහාර සුරක්‍ෂිතා ව්‍යපෘතියට සහාය දැක්වීමේ අරමුණින් යුද්ධ හමුදාව මගින් මෙම වසරේ මැයි මස ආරම්භයේදී කාබනික පොහොර යොදාගනිමින් අක්කර දෙකක පුරන් වූ වගුරු බිම් වල වී වැපිරීම ආරම්භ කරනු ලැබූහ.  

ඒ අනුව අගෝස්තු මස 30 දින ඉපැරණි සම්ප්‍රදායන්ට මූලිකත්වය ලබාදෙමින් සම්බා, බාස්මතී සහ රන් කහවණු වී වර්ග වලින් සමන්විත වී අස්වැන්න නෙලීම සිදුකරනු ලැබූ අතර, එම අවස්ථාවට මේජර් ජෙනරල් එම්.ඊ.පී. වීරසිංහ ඇතුලු යුද්ධ හමුදා භටපිරිස් සහභාගී විය.  

මෙම අවස්ථාවට වැඩමවා වදාළ මිරිසවැටිය විහාරාධිකාරී සහ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් ද මෙම වැඩසටහනට සිය ආශිර්වාදය එක්කළහ.

මෙම උත්සවය සඳහා කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ පරිසරවේදී කර්නල් වරුණ පෙරේරා, ප්‍රගතිසේවා පදනමේ අධ්‍යක්‍ෂ කුමුදු ගුණවර්ධන මහතා ද එක්වූහ.