Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2022 19:28:19 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් රයිගම්වත්ත ග්‍රාමසේවා වසමේ සිවිල් වැසියන් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ 582 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් ඉංගිරිය, රයිගම්වත්ත ග්‍රාමසේවා වසමේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් අතර වියළි සලාක පාර්සල් 78 ක් බෙදා දීමේ ප්‍රජාසත්කාරක වැඩසටහනක් අගෝස්තු මස 31 වන දින පවත්වන ලදී.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් මත දානපතියෙකු වන සංජය පීරිස් මහතා විසින් එම ප්‍රජාසත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වන ලද අතර, එහිදී බෙදා දුන් එක් වියළි සලාක පාර්සලයක වටිනාකම රුපියල් 6000.00 ක් විය.

1 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් යූ.එල්.ඩී.කේ පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ, භටපිරිස් විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතා සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතා සහිත රයිගම්වත්ත ප්‍රදේශයේ ප්‍රතිලාභී පවුල් 78 තෝරා ගන්නා ලදී.