Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2022 18:50:08 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සිසු සිසුවියන්ට පාසල් උපකරණ බෙදාදෙති

යුද්ධ හමුදාවේ ඉල්ලීම පරිදි සෝල් පදනමෙහි මේජර් කුසුම්සිරි ලියනගේ (විශ්‍රාමික) සහ අම්පාර මහජන බැංකුවේ අනුගාහකත්වය මත අම්පාර දුටුගැමුණු ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 24 දෙනෙකු වෙත ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක සිදුකරගැනීම සඳහා ඔවුන් දිරිමත් කරමින් පාසල් බෑග්, පාවහන්, ලිපි ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ එක් පාසල් සිසුවෙකු සඳහා රුපියල් 750.00 වටිනාකමකින් යුත් බැංකු ගිණුම බැගින් පසුගිය අඟහරුවාදා (23) දින පැවති උත්සවයකදී එම පාසල් සිසු සිසුවියන් වෙත ප්‍රධානය කරන ලදී.

පාසල් පරිශ්‍රයේ පැවති මෙම වැඩසටහන 532 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුමාල් වික්‍රමසේකර ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීගේ අධික්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

මෙම උත්සවය සඳහා 532 බලසේනාවේ බලසේනාධිපති, 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ධනුක වීරපුර, දෙවන අණදෙන නිලධාරී මේජර් එච්.එම්.එච්.ඒ කපිලරත්න සහ පරිත්‍යාගශීලීන් සහභාගී වූහ.