Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2022 10:32:49 Hours

111 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

යුද්ධ හමුදා භටපිරිස්හි සම්බන්ධීකරනයෙන් තලගල ශ්‍රී සුමනරතන නාහිමියන් ප්‍රමුක තලගල ‘ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම ලබාදුන් මුල්‍ය ආධාර මත මහනුවර, දොළුව ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර වියළි සලාක පාර්සල් 130 ක් බෙදා දීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ 111 වන බලසේනාවේ භටපිරිස් විසින් මහනුවර - දොළුව ප්‍රදේශයේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

මෙම වැඩසටහන සඳහා 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක, දොළුව ප්‍රාදේශීය ලේකම්, දොළුව සහකාර ප්‍රාදේශීය ලේකම්, 111 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරී සහ ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.