Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2022 17:30:08 Hours

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක

සාලියවැව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් පසුගිය සිකුරාදා (12) දින යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ එම පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, අනුරාධපුර වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ සහ බ්‍රිගේඩියර් කපිල දොලගේ අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකවරුන් සහ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී පාඨමාලාවන් පිළිබඳව මෙන්ම ඒවායේ අන්තර්ගත විෂය ක්ෂේත්‍රයන් සහ අනෙකුත් පරිපාලන කටයුතුවලට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂතුමන් එම පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා හදාරන ශිෂ්‍යයන්ගේ පන්ති කාමර සහ ප්‍රායෝගික පුහුණු සැසිවාරයන් පිළිබඳ නිරීක්‍ෂණය කරන ලදී.

පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.එස්. ප්‍රේමවංශ ගේ ආරාධනාවකට අනුව බ්‍රිගේඩියර් කපිල දොලගේ මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.