Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2022 18:00:56 Hours

යුද්ධ හමුදා භටපිරිස් පොලිස් නිලධාරින් සමඟ එක්ව තවත් ගංජා හේනක් වටලයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් 12 වන සේනාංකයේ බුද්ධි අංශයේ භටපිරිස් හා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව පසුගිය ඉරිදා (14) දින වැල්ලවාය, අලුත්වැව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා පැළ 7000 කට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබීය.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල වෙත ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ද ඇතිව මෙම වැටලීම සිදුකරන ලදී. අත්අඩංගුවට ගත් සියලුම ගංජා පැළ ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය පොලිස් ස්ථානය වෙත භාරදෙනු ලැබීය.