Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2022 16:22:37 Hours

දීඝවාපි පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු නැගෙනහිර ආඥාපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

දීඝවාපිය රජමහා විහාරස්ථාන පරිශ්‍රය තුළ සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සෙනසුරාදා (6) දින එම විහාරස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

විහාරස්ථාන පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර එම පරිශ්‍රයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත විය. ඉන් අනතුරුව, මෙම විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සමාප්ත කිරීම සඳහා අවැසි අමුද්‍රව්‍ය, මිනිස් ශ්‍රමය සහ අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබැලුවේය. එමෙන්ම, ගඩොල් නිෂ්පාදන ඒකකයේ ද සංචාරයක නිරත වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන එහි සේවයේ නියුතු භටපිරිස්හී අවශ්‍යතාවයන් පිළිබඳව ද සොයාබැලුවේය.

මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ඉංජිනේරු සේවා බලකාය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය ශ්‍රම දායකත්වය ලබාදෙති.

මෙම නිරීක්‍ෂණ සංචාරය සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම, දීඝවාපිය විහාරස්ථාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරි කර්නල් උදය කෝන්ගහපිටිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.