Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2022 17:10:56 Hours

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ නවෝත්පාදන හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් වැඩමුළුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ යෝජනාවකට අනුව එම බලසේනාවේ සාමාජිකයින්ගේ නවෝත්පාදන හැකියාවන් හා කණ්ඩායම් ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් තාක්‍ෂණික දැනුම, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය, පෑස්සුම්, පින්තාරු කිරීම් සහ වඩු කර්මාන්තය වැනි ක්ෂේත්‍රයන්හී දැනුම ලබාදීම සඳහා වැඩමුළුවක් එම බලසේනාවේ බහුකාර්ය ශාලාවේදී පැවැත්වීය.

නිපුණතා සංවර්ධන හා නවෝත්පාදන වැඩමුළුවේ සමාප්ති උත්සවය පසුගිය සඳුදා (8) දින පැවති අතර එහිදී එම වැඩමුළුව සාර්ථකව නිම කළ යුද්ධ හමුදා සාමාජිකයින් 28 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.

2022 ජුලි මස 5 දින ආරම්භ කළ මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් ප්‍රධාන මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් අවසන් දේශනය සිදුකළේය.

මෙම සමාප්ති උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ පුහුණු පරීක්‍ෂක, බ්‍රිගේඩියර් පාලන, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, කර්නල් පුහුණු, කර්නල් ඉංජිනේරු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ.