Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2022 17:30:56 Hours

6 වන සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ප්‍රජා මූලික ව්‍යාපෘතීන්හී නිරත වෙති

නිසි ප්‍රථිසංස්කරණයක් නොමැතිවීම හේතුවෙන් කාලයක සිට අබලන්ව පැවති සුගන්ධිපුරම් සිට උදයාර්කට්ටු පාසල දක්වා දිවෙන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සදහා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහාය හිමි වූ අතර, ඒ අනුව මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් භටපිරිස් පසුගිය අඟහරුවාදා (09) දින සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

සිවිල් බලධාරීන්ගේ සහයෝගය මත සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන් විසින් අධීක්‍ෂණය කරනු ලැබීය.

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත පසුගිය අඟහරුවාදා (09) දින වල්ලෙයි, මඩම් ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කරනු ලැබීය.

6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි විසින් මෙම ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු සහ ඒ සඳහා අවැසි මඟපෙන්වීම් ලබාදුන්නේය.