Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2022 16:10:14 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තවත් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත කළුතර ප්‍රදේශයේ ‘අපි සොයන මනුස්සකම’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ත්‍රිකුණාමලය, චීනවරාය ප්‍රදේශයේ පදිංචි ගර්භණී කාන්තාවන් 50 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 11 දෙනෙකු වෙත අධ්‍යාපනික කටයුතු සඳහා ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා 13 දින යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු ගේ මුලපිරීමකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූ අතර එතුමන්ගේ සම්බන්ධීකරණය මත පරිත්‍යාගශීලීන් මෙම වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

මෙම ව්‍යාපෘතිය සඳහා ‘අපි සොයන මනුස්සකම’ සංවිධානයේ ප්‍රධාන අනුශාසක බඹරකිරිඇල්ල, දෙගන්තුඩුව ලෙනගිරි ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය මහකෙහෙල්වල ලක්ඛණ හිමිපාණන් ගේ ආශීර්වාදය ද හිමිවිය.

මෙම අවස්ථාව සඳහා ‘අපි සොයන මනුස්සකම’ සංවිධානයේ නිර්මාතෘ අශෝක රවීන්ද්‍ර මහතා ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන්, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රතිලාභී ගර්භණී කාන්තාවන් සහ පාසල් දරු දැරියන් ද එක්වූහ.