Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2022 18:17:28 Hours

දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ තීන්ත ආලේප කිරීමට යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය

මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය නිමිත්තෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ ඉල්ලීම පරිදි 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් හි ශ්‍රමදායකත්වයෙන් එම දේවාලයට පිවිසෙන ප්‍රධාන දොරටුව (වාහල්කඩ) සම්පූර්ණයෙන්ම තීන්ත ආලේප කරන ලදී.

613 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වයෙන්, අගෝස්තු මස 05 වන දින විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික ඇසළ මංගල්‍යය උත්සවය ආරම්භ කිරීමට පෙර සිටම දේවාලයට පිවිසෙන ප්‍රධාන දොරටුවෙහි තීන්ත ආලේප කිරීමේ කාර්යයේ නියැලෙන ලදී.