Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2022 18:19:43 Hours

යුද්ධ හමුදා භටපිරිස් හදිසියේ ඇතිවු ගින්නක් මැඩපවත්වයි

පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ඇඹිලිපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළ අවට පිහිටි වෙළෙඳසැල් 20 ක පමණ ප්‍රමාණයක හදිසියේ හටගත් ගින්න, මැඩපැවැත්වීම සඳහා කුට්ටිගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී කටයුතු කලේය.

එහිදී, යුද්ධ හමුදා සාමාජිකයින් 28 දෙනෙකු සමගින් සෙවණගල ගිනි නිවීමේ ඒකකය සහ පොලිසියේ සහාය ඇතිව කඩිනමින් ක්‍රියාත්මක වී පැයක පමණ කාලයකින් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීය.