Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2022 18:21:17 Hours

573 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ‘කික් බොක්සිං’ ක්‍රීඩිකාවක් සඳහා නව ක්‍රීඩා උපාංග කට්ටලයක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 573 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරනයෙන් පසුගියදා ඉන්දීයාවේ පැවති ‘කික් බොක්සිං’ තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ‘කික් බොක්සිං’ ක්‍රීඩිකාවක් වන ජෙගනේෂ්වරම් විජිතා සිසුවියගේ ඉදිරි ක්‍රීඩා කෞෂල්‍යයන් වැඩිදියුණු කිරීමේ සහ ඇයගේ දස්කම් ඇගයීමේ අරමුණින් ඇයට නව ක්‍රීඩා උපාංග කට්ටලයක් තිළිණ කරන ලදී.

එහිදී 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්නගේ පුද්ගලික අනුග්‍රහකත්වය මත ක්‍රීඩිකාවගේ ඉදිරි ‘කික් බොක්සිං’ පුහුණුවීම් කටයුතු සඳහා බොක්සිං අත්වැසුම් සහ පන්ච් බෑගයක් පරිත්‍යාග කරන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාසල් ආචාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ජෙගනේෂ්වරම් විජිතා සිසුවියට එම ක්‍රීඩා උපාංග කට්ටලය තිළිණ කරන ලදී.