Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2022 13:30:27 Hours

නව මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ටී. එන්. මජිඩ් පසුගිය බදාදා (10) දින පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

එහිදී, බ්‍රිගේඩියර් ටී. එන්. මජිඩ් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද එක්වූහ. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් ටී. එන්. මජිඩ් යුද්ධ හමුදා බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ධූරය හෙබවූවේය.