Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2022 17:52:28 Hours

පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභී කෝප්‍රල් එච් පාලිත බණ්ඩාර උණුසුම් සුබපැතුම් මධ්‍යයේ දිවයිනට

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කර සහභාගී වී රිදී පදක්කමක් දිනාගනිමින් පසුගිය සඳුදා (8) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි පැරා මළල ක්‍රීඩක කෝප්‍රල් එච්.ජී පාලිත බණ්ඩාර උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022 තරඟාවලියේ මීටර් 44.20 දුරක් වාර්තා කරමින් කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ F42-44/61-64 කාණ්ඩයේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ජාතික ආරක්‍ෂක බලමුළුවේ පැරා මළල ක්‍රීඩක කෝප්‍රල් පාලිත බණ්ඩාර සමත් විය.