Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2022 19:00:28 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති යුද්ධ හමුදා යුධෝපකරණ බලකා පුහුණු පාසලේ නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා පුහුණු පාසලේ ක්‍රියා පටිපාටීන් පිළිබඳව සොයාබැලීමේ අරමුණින් එම පුහුණු පාසලේ පළමු නිරීක්‍ෂණ චාරිකාව පසුගිය බදාදා (03) දින සිදුකරන ලදී.  

මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් විසින් පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් නිරෝෂන් වර්ණසූරිය සමඟින් අදහස් හුවමාරු කරගනිමින් එම පුහුණු පාසලේ පරිපාලන කටයුතු, පුහුණු පාසලේ පවත්වනු ලබන වෘත්තීය පාඨමාලා සහ එම පාඨමාලාවන්හි විෂය නිර්දේශයන් පිළිබඳව සොයාබැලීය.  

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.