Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2022 20:30:28 Hours

111 වන බලසේනාවේ භටපිරිස් රුධිරය පරිත්‍යාග කිරීමට දායක වේ

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වීරෝදාර රණවිරුවානන්ගේ අගෝස්තු මස (8) දිනට යෙදී තිබූ 30 වන ගුණ සමරුමට සමගාමීව 11 වන සේනාංකයේ යටතේ ස්ථාපිත 111 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (8) දින මහනුවර ජාතික රෝහලේ රුධිර බැංකු පරිශ්‍රයේදී යුද්ධ හමුදා සාමාජිකයන් 74 දෙනෙකු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළේය.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව ගේ සම්බන්ධීකරණය සහ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබු අතර, එම මනුසත් වැඩසටහන මහනුවර ජාතික රෝහලේ රුධිර බැංකුවේ කාර්යය මණ්ඩලයේද පැසසුමට ද ලක්වූහ.