Header

Sri Lanka Army

Defender of the Nation

07th August 2022 19:18:34 Hours

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් මව්බිම වෙනුවෙන් දිවිපුදා වසර 30 ක් සැපිරේ

1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝම්බයකට ගොදුරු වී දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මෙන්ම මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර් ස්ටිවන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කර වසර 30 ක් සැපිරේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හී සිදුකළ මානුෂීය මෙහෙයුමේදී විශිෂ්ඨ සේවයක නිරත වූ මෙම නිර්භීත රණවිරුවන්ගේ දිවි අහිමි කරමින් ඒල.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සිදුකළ ප්‍රහාරය සියලුම රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය බිඳදැමීමට හේතු විය. ශ්‍රේෂ්ඨ රණශූරයෙකු වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බැකඩුව ගේ අභාවයේ අමරණීය මතකයන් සියලුම කෘතවේදී ශ්‍රී ලාංකිකයින්ගේ සහ එතුමන්ගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයින් සතුව සදාකාලිකව පවතිනු ඇත.

ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්‍රමුඛ දිවංගත රණවිරුවන්ගේ 30 වන ගුණ සමරුවට සමගාමීව අනුරාධපුර ප්‍රදේශයේ සැමරුම් උත්සව කිහිපයක් පැවැත්වීමට සහ එතුමන්ගේ ප්‍රතිමාවට මල් මාලා පළඳවා හමුදා ගෞරවාචාරයන් පුදකිරීමට ද කටයුතු සූදානම් කර ඇත. මෙම අනුස්මරණ වැඩසටහනට සමගාමීව ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ භාර්යාව වන ලලී කොබ්බෑකඩුව මහත්මියගේ ප්‍රධානත්වයෙන් සඳුදා (08) දින තවත් පිංකම් මාලාවක් ද පැවැත්වීමට නියමිතව ඇත.

වර්ෂ 2021 දී අරාලි තුඩුව ප්‍රදේශයේ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සිහිවීම පිණිස අනුස්මරණ කෞතුකාගාරයක් විවෘත කරනු ලැබීය.