Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2022 19:30:53 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පිටිගල සහ පැලවත්ත ප්‍රදේශයේ සිවිල් වැසියන්ට වියළි සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සම්බන්ධීකරණය හා ‘දිල්රූ සහ කළණ මිතුරෝ’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත පසුගිය සෙනසුරාදා (30) දින සංවිධානය කරනු ලැබූ පරිත්‍යාග වැඩසටහනකදී 61 වන සේනාංකයට අයත් 612 වන බලසේනාවේ භටපිරිස් විසින් මතුගම පිහිටි පිටිගල සහ පැලවත්ත ප්‍රදේශයන්හී වෙසෙන සිවිල් වැසියන් වෙනුවෙන් වියළි සලාක සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ උපදෙස් හා 612 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් ගේ අධීක්‍ෂණය මත 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිය බලප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙත මෙම වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට පරිත්‍යාගශීලීන් නියෝජනය කරමින් වාසනා දිල්රුක්‍ෂි විජේසිරිවර්ධන සමරසිංහ මහත්මිය, 612 වන බලසේනාවේ බලසේනාධිපති, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූ අතර ඔවුන් විසින් අවශ්‍යතා සහිත පවුල් 50 ක් වෙත එකක් රුපියල් 5000/= ක පමණ වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී. මෙම පරිත්‍යාග වැඩසටහන 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.