Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2022 23:05:10 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකළ නව මුරහල විවෘත කෙරේ

දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව මුරහල පසුගිය සෙනසුරාදා (30) දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ සුරතින් විවෘත කෙරිණි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි ඉංජිනේරු දැනුම සහ තාක්‍ෂණික හැකියාවන් භාවිතා කරමින් ඉදිකරනු ලැබූ මෙම නව මුරහල ඉදිකිරීම් කටයුතු සඳහා එම රෙජිමේන්තු අරමුදල් භාවිතා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.