Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2022 23:09:11 Hours

නෝටන්බ්‍රිජ් සිට ලක්‍ෂපාන දක්වා දිවෙන මාර්ගයට කඩාවැටුනු පස් කන්දක් ඉවත් කිරීමට යුද්ධ හමුදා භටපිරිස්හී දායකත්වය

අධික වර්ෂාව හේතුවෙන් නෝටන්බ්‍රිජ් සිට ලක්‍ෂපාන දක්වා දිවෙන මාර්ගයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වූ අතර 112 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය බදාදා (03) දින එම මාර්ගය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ සිය දායකත්වය දැක්වූහ.

මෙම සිදුවීම පිළිබඳ සැල වූ විගස 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව ගේ උපදෙස් හා 112 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දිම කුමාරසිංහ ගේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් මාර්ගය වෙත වැටී තිබූ පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

පැය කිහිපයක් පුරාවට සිවිල් බලධාරීන්ගේ සහයෝගය ඇතිව පස් ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූ යුද්ධ හමුදා භටපිරිස් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබීය.