Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2022 18:00:10 Hours

කතරගම පුදබිම වෙත පාද යාත්‍රාවේ නිරත බැතිමතුන්ට යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් සත්කාරක වැඩසටහනක්

රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍යයට සහභාගි වීම සඳහා උතුර හා නැගෙනහිර ප්‍රදේශවලින් බැතිමතුන් 1500 කට ආසන්න පිරිසක් කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම බලා ගමන් කරමින් සිටින අතර, පසුගිය ජුනි මස 25 සිට 27 දින දක්වා කාලය තුල ඔකඳ දේවාල පරිශ්‍රයට පැමිණි එම බැතිමතුන් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පිහිටි 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනාවේ සහ 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ආහාර වේලක් පිරිනමනු ලැබූහ.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම සහ 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සම්පත් ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම බැතිමතුන් වෙත රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ අයිස්ක්‍රීම් පිරිනමනු ලැබූහ.

එම බැතිමතුන් වෙත ප්‍රණීත ආහාර පාන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා ආරුගම්බේ ‘Bayvista’ හෝටලයේ අධිපති ගැමුණු පෙරේරා මහතා සහ පිළියන්දල ප්‍රදේශයේ ව්‍යවසායකු වන කමල් හරිස්චන්ද්‍ර මහතා සිය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.