Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2022 18:51:10 Hours

මහනුවර ජාතික රෝහලට යුද්ධ හමුදා සාමාජිකයින් රුධිරය පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පිහිටි 111 වන බලසේනාවේ සහ 11 වන සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 83 දෙනෙකුට අධික පිරිසක් මධ්‍යම පළාත් ලංකා බැංකු ප්‍රධාන ශාඛාව වෙතින් පසුගිය සඳුදා (01) දින සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

ඒ අනුව, මහනුවර ලංකා බැංකු ශාඛා පරිශ්‍රයේ පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 111 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.

රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා භාවිතා කිරීමට මහනුවර ජාතික රෝහලේ රුධිර බැංකුව සතු රුධිර සංචිත හිඟවීම හේතුවෙන් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් සිය රුධිරය පරිත්‍යාග කරමින් මෙම වැඩසටහන සඳහා එක්වූහ.