Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2022 18:30:10 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත ඒකකයන්හී පරිපාලන කටයුතු පිළිබඳ සමාලෝචනයක්

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත ඒකකයන්හී පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් 2022 ජුලි මස 25 දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුර කාර්යාල පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, හරිත කෘෂිකාර්මික සංකල්පයේ ප්‍රගතිය සහ ආයතනික වශයෙන් වැදගත්වන පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා 5 වන ඉංජිනේරු සේවා බලකාය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරින් ද සහභාගී වූහ.