Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2022 21:06:30 Hours

නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්, ව්‍යපෘතිය යටතේ තවත් වැඩසටහනක්

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මූලිකත්වයෙන් ‘නිරෝගී හමුදාවක් නිරෝගී දැයක්’ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථානය සහ බලසේනා මූලස්ථාන යටතේ රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ට නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැනුවත් කිරීමේ තවත් හරවත් වැඩසටහනක් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ පසුගිය බදාදා (27) දින පවත්වන ලදී.

එම වැඩසටහන කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්ලාස්ටික් සහ ප්‍රතිසංස්කරණ ශල්‍ය විශේෂඥ වෛද්‍ය කර්නල් ජී කේ රාජපක්‍ෂ විසින් පවත්වන ලද අතර, එහිදී රෝග නිවාරණ ක්‍රම, හොඳම සෞඛ්‍ය මොඩියුල, ශාරීරික ඉරියව්, ප්‍රතිසංස්කරණ ශල්‍යකර්ම සහ තාක්‍ෂණික අංශ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි කොළඹ යුද්ධ හමුදා රෝහල විසින් යුද්ධ හමුදා සාමාජිකයන් අතර ඇතිවන රෝගාබාධ සහ රෝග අවම කර ගැනීම සඳහා ඔවුන්ගේ පෞද්ගලික සෞඛ්‍ය පුරුදු වල වැදගත්කම පිළිබඳව නිරන්තරවම දැනුවත් කිරීමට පුළුල් සැලසුම් සකස් කර ඇත.

මෙම සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන 2022 සැප්තැම්බර් 28 දක්වා සතියේ සෑම බදාදා දිනකම පැවැත්වීමට සූදානම් කර ඇත.