Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2022 18:30:14 Hours

අන්තර් රෙජිමේන්තු පැරා වෙරළ වොලිබෝල් තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වනු ලැබූ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා වෙරළ වොලිබෝල් තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්‍රීඩකයින් විසින් දිනා ගනු ලැබූ අතර, තරඟාවලියේ අනුශූරතාවය යුද්ධ හමුදා විශේෂ බලකායේ ක්‍රීඩකයින් සහ දෙවන අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ක්‍රීඩකයින් විසින් දිනාගනු ලැබූහ.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා වෙරළ වොලිබෝල් තරඟාවලිය ජූලි මස 23 සහ 24 දෙදින තුළ පනාගොඩ 1 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකා පරිශ්‍රයේ කෘත්‍රිමව සකස් කරන ලද වෙරළ වොලිබෝල් පිටියේදී පවත්වන ලදී. මෙම වෙරල වොලිබෝල් තරඟාවලිය යුද්ධ හමුදාවේ 23 අන්තර් රෙජිමේන්තු පැරා තරඟය 2022 සමගාමීව පවත්වන ලදී.

තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක් එක්වූහ.

අවසන් මහා තරගයේදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයන් පහතින් දැක්වේ.

දක්‍ෂතම පන්දු සකසන්නා - මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්. එම්. ප්‍රියංකර (ශ්‍රී ලංකා පාබල හමුදාව)

හොඳම ප්‍රහාරකයා - සැරයන් එච්.එම්.එස්. බණ්ඩාර (විශේෂ බලකාය)

හොඳම ක්‍රීඩකයා - කෝප්‍රල් ජී.කේ.ඩී. ගමගේ (ශ්‍රී ලංකා පාබල හමුදාව)