Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2022 15:16:06 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත අඩු ආදායම්ලාභී සිවිල් වැසියන්ට වියළි සලාක පරිත්‍යාගයක්

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Tan Nagak Buay and Kee Meng Lang’ පදනමේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරිමේ වැඩසටහනේ 3 වන අදියර යටතේ වියළි සලාක පාර්සල් 204 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ මේ වනවිට වියළි සලාක පාර්සල් 42,500 ක් පමණ බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදාදෙන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් පරිදි 144 වන බලසේනාවේ භටපිරිස් සිය බලප්‍රදේශයේ පිහිටි පැඟිරිවත්ත සහ ඇඹුල්දෙණිය ප්‍රදේශයන්හී අඩු ආදායම්ලාභී පවුල් වෙත මෙම වියළි සලාක පාර්සල් 204 බෙදාදෙන ලදී.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත වික්‍රමසේන ගේ උපදෙස් හා 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පසුගිය සිකුරාදා (22) දින ක්‍රියාත්මක කරන ලදී.

එමෙන්ම, කොළඹ සහ ඒ අවට ප්‍රදේශයන්හී වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක පාර්සල් 1500 ක ප්‍රමාණයක් බෙදාදීමට ද එම පරිත්‍යාගශීලීන් එකඟත්වය පළකරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු ගේ සහභාගීත්වයෙන් පැඟිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.