Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2022 15:13:25 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් උයිලන්කුලම් ප්‍රදේශවාසීන්ට වියළි සලාක

තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ත්‍රන්කන්දාල් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි උයිලන්කුලම් ප්‍රදේශයේ විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන ප්‍රදේශවාසීන් වෙත සහන සැලසීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 වන (ස්වෙච්ඡා) පාබල හමුදාවේ භටපිරිස් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සිවිල් වැසියන් වෙත වියළි සලාක පාර්සල් 34 ක් පරිත්‍යාග කරනු ලැබීය. ඒ සඳහා තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන නායක හිමිපාණන් විසින් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර ගේ ආරාධනයකට අනුව පසුගිය බදාදා (20) දින පැවති මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ සහභාගී වූවේය. එමෙන්ම, 65 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ජේ.ඩී.යූ.ටී. කුමාර, 17 වන (ස්වෙච්ඡා) පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.ඒ.එන්.බී. අතුරුගිරි සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක්වූහ.

17 වන (ස්වෙච්ඡා) පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.