Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2022 18:12:58 Hours

නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්, ව්‍යපෘතිය යටතේ වකුගඩු රෝග සහ නිවාරණය පිළිබඳ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් පරිදි කොළඹ යුද්ධ හමුදා රෝහලේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන ‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතිය යටතේ යහපත් සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත්, සාමාන්‍ය සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රම, රෝග නිවාරණය සහ සුවකිරීම් පිළිබඳව වූ යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීමේ තවත් හරවත් වැඩසටහනක් පසුගිය බදාදා (20) දින මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ පවත්වන ලදී.

මෙම වැඩසටහනේදී නිදන්ගත වකුගඩු රෝග (CKDs) සම්බන්ධ ගැටළු පිලිබඳව දැනුවත් කරනු ලැබු අතර, එහිදි වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කර්නල් ඩී.එස්. හෙයියන්තුඩුව විසින් ‘වකුගඩු රෝග සහ නිවාරණය’ පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

මෙම වැඩසටහන දිවයින පුරා ස්ථාපිත සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන සහ බලසේනා මූලස්ථානයන්හි රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් නියෝජනය වන පිරිදි මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ පවත්වන ලදී.