Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2022 18:17:02 Hours

14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පෙර පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් පිරිනමයි

ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ ඇති 641 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය දිනක පේරාරු විනායගම් පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා විශේෂ වූ දිවා ආහාර වේලක් ලබාදුන්හ.

ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස ස්වකීය අරමුදල් යොදා ගනිමින් භටපිරිස් විසින් පිරිනමන ලද දිවා ආහාර වේල දරුවන්ට අමතරව දෙමාපියන් සහ ගුරුවරුන් ද භුක්ති වින්දහ.

14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.පී.අයි ප්‍රසන්න විසින් මෙම ව්‍යාපෘතිය අධීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.