Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2022 18:24:07 Hours

පැරා බැඩ්මින්ටන් තරඟාවලියේ ශූරතාවය ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් දිනාගනී

මෙවර පැවති පැරා බැඩ්මින්ටන් තරඟාවලියේ ශූරතාවය, රන් පදක්කම් 03ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03ක් හිමිකර ගනිමින් ගජබා රෙජිමේන්තු කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් හිමිකරගනු ලැබු අතර, එහි අනුශූරතාවය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් විසින් හිමිකරගනු ලැබූහ.

යුද්ධ හමුදාවේ 23 වන අන්තර් රෙජිමේන්තු පැරා ක්‍රීඩා තරගාවලිය - 2022 ට සමගාමීව ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු පැරා බැඩ්මින්ටන් තරගාවලිය ජූලි මස 14 සහ 15 යන දිනයන්හිදී පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූහ.

පසුගිය සිකුරාදා (15) දින පැවති අවසන් මහා තරඟාලියේ ජයග්‍රාහී ක්‍රීඩකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොහාන් බෙන්ජමින් සහභාගී වූහ.

ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජානක විමලරත්න, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.