Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2022 18:28:14 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් ගංජා හේනක් වටලයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සහ 12 වන සේනාංකයේ බුද්ධි අංශයේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව කුඩාඔය පොලිස් නිලධාරින්ගේ සහයෝගය ඇතිව පසුගිය සෙනසුරාදා (23) දින ඌව කුඩාඔය, බලහරුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා එම ගංජා තොගය විනාශ කර ඇත.

හමුදා සාමාජිකයින් වෙත ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම ප්‍රදේශය තුළ විකිණීම සඳහා ගංජා පැළ 32,000 ක පමණ ප්‍රමාණයක් රහසිගතව වගාකර තිබිණි.

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහනට සහයෝගය දැක්වීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙම ක්‍රියාන්විතය සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල ගේ මඟපෙන්වීම අනුව පොලිස් නිලධාරින්ගේ සහයෝගය මත මෙම වැටලීමේ ක්‍රියාන්විතය සඳහා භටපිරිස් යොදවන ලදී.