Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2022 14:30:04 Hours

රෝදපුටු ටෙනිස් ශූරතාවය ගැමුණු හේවා බලකායට

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී ජුලි මස 11 සහ 12 දෙදින තුල පැවති ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරඟාවලිය - 2022’ සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව සහ කමාන්ඩෝ රෙජිමේන්තුව නියෝජනය කරමින් රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් සහභාගී වූ අතර එම තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ගැමුණු හේවා බලකා ක්‍රීඩකයින් සමත් වූහ.

තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයින් දිනාගත් අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් තෙවන ස්ථානය දිනාගැනීමට සමත්වූහ.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත හේවගේ සහභාගී වූ අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක්වූහ.