Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2022 17:00:04 Hours

අභිනවයෙන් ඉදිවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව මූලස්ථාන පරිශ්‍රයට ආශිර්වාද එක්කිරීමට ආගමික වැඩසටහන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ විවෘත කිරීමට නියමිත නව මූලස්ථාන සංකීර්ණයට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් අනුරාධපුර, කතරගම, කැළණිය, රත්නපුර, නවගමුව, අකරවිට, හංවැල්ල ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලිය සහ කළුඅග්ගල වික්ෂෝප මාතා දේවස්ථානයේදී පසුගිය අඟහරුවාදා (12) දින ආගමික වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ආගමික වැඩසටහන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මූලිකත්වයෙන් පසුගිය අඟහරුවාදා (12) දින සන්ධ්‍යාවේ ආරම්භ කෙරුණු අතර එක් එක් ප්‍රදේශයන්හී පිහිටි ස්වෙච්ඡා බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හී සාමාජිකයින් විසින් මෙම ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබූහ.

ඒ අනුව, අනුරාධපුර රුවන්වැලි මහා සෑය, කතරගම කිරි වෙහෙර, කැලණිය රජමහා විහාරස්ථානය, රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය, නවගමුව පත්තිනි දේවාලය, අකරවිට ලෙනවර රජමහා විහාරස්ථානය, හංවැල්ල ජුම්මා මස්ජිද් පල්ලිය සහ කළුඅග්ගල වික්ෂෝප මාතා දේවස්ථානය යන ආගමික ස්ථානයන් අභියස ආගමික වැඩසටහන් පවත්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව මූලස්ථාන සංකීර්ණය වෙත ආශිර්වාද එක්කරන ලදී.

මීට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව ස්ථානගත කර තිබූ මූලස්ථාන ගොඩනැගිල්ල අහඹු පිපිරීමකට ලක්වීම හේතුවෙන් එහි මෙහෙයුම් අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ කාර්යාලයන් එම මූලස්ථානය අසල පිහිටි භඨකාර්ය සම්පාදන ගොඩනැගිල්ල වෙත රැගෙන යනු ලැබීය.

ඒ අනුව, අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව මූලස්ථාන ගොඩනැගිල්ල මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික පූජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ පසුගිය අඟහරුවාදා (12) දින විවෘත කරනු ලැබීය.

මෙම ආශිර්වාද වැඩසටහන් සඳහා එක් එක් ආගමික සිද්ධස්ථානයන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද එක්වූහ.