Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2022 16:00:04 Hours

යුද්ධ හමුදා භටපිරිස් ඔඩ්ඩුසුඩාන් ශිවම් කෝවිල් පරිශ්‍රයේදී ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරයි

ඔඩ්ඩුසුඩාන් ශිවම් කෝවිල් පරිශ්‍රයේ පැවති වාර්ෂීක කෝවිල් පූජාව පැවැත්වීමට ප්‍රථම පසුගිය සඳුදා (11) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය පැවැත්වීමෙන් අනතුරුව එම කෝවිල් පරිශ්‍රයේ පූජකවරුන් විසින් පසුගිය අඟහරුවාදා (12) දින විශේෂ පූජාවක් පවත්වමින් එම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වූ 641 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.පී.ජේ.සී. ජයවර්ධන, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් එච්.එම්.අයි.කේ. සමරනායක සහ 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුලු තවත් යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු වෙත ආශිර්වාද එක්කරන ලදී.