Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2022 16:30:04 Hours

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත මූල්‍ය පරිත්‍යාග

නීතීඥවරුන් දෙදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාවේ භටපිරිස් වවුනියාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 10 ක ආර්ථික අපහසුතා සඳහා සහන සැලසීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින මූල්‍ය පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.

ඒ අනුව, නීතීඥ මේජර් එම්.එච්.එස් ශ්‍රී කුමාර සහ එතුමන්ගේ භාර්යාව වන නදී ගුණරත්න මහත්මිය විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රහකත්වය හා එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින්ගේ සහයෝගය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන එම පවුල් වෙනුවෙන් රුපියල් 5000/= බැගින් පරිත්‍යාග කරනු ලැබීය.

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.පී.පී කුලතිලක විසින් අධීක්‍ෂණය කරන ලදී. මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු 561 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ මේජර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරීන් විසින් සිදුකරනු ලැබූහ.